Sunday, June 14, 2015

අට්ටාලය හා විද්‍යාලංකාරය

අද ඉතාම ප‍්‍රකට මාතෘකාවක් මුලින් යෙදුවෙමි. අට්ටාලය මත හි`දගත් සිසු සිසුවියන් භික්‍ෂූන් සාතිශය බහුතරයකගේ මාතෘකාව වී හමාර ය. එ් අතරින් අට්ටාලයේ සිටින භික්‍ෂූන් පිළිබ`ද කතිකාවත අති මහත් ය. එයට උද්ඝෝෂණ පාගමන් හා විරෝධතා ආභරණ ය. එ්වා අවැඩ ය. අකැප ය. බුදුන් වහන්සේ දේශනා කළේ ද, ”සියල් පවු දුරළා - කුසල් හැම වඩලාසිතත් මැනවින් දමලා - සිතිනු සසුනයි එකලා” යනුවෙනි.අරුමයක මහත. සාසනික පරිහානියේ තරම, කලියුගය, මේ බව තේරුම් ගන්නට බැරි තරමට සරසවි භික්‍ෂුව අමන ද?අප සොයා බලන්නේ එය ය. බුදුහු පළමුව දෙසූ විනය ප‍්‍රඥප්තිය ලෙස මගේ අදහස වනුයේ ”චරථ භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය...” යන්න ය. එහි පළමුව ස`දහන්ව ඇත්තේ බහුජන සුඛාය (බොහෝ දෙනාගේ* යන්න ය. ”අත්ථාය” (තමාගේ* යන්න හමුවන්නේ දෙවනුවට ය. එය වදාළේ භික්‍ෂූන්ට මිස ගිහි උවැසි උවැසියන්ට නොව එසේ නම් පොදු මිහිතලයේ යහපත උදෙසා එක්තැන් වූ දැනුමේ කෝෂ්ඨාගාරය වූ අද දින මුදලින් ජීවිතය සොයන අධමයන් දෙකයි පනහට දමා සලකන මානව ශාස්ත‍්‍රය වෙනුවෙන් භික්‍ෂුව පෙරගමන්කරුවා වීම විනය විරෝධී ද? අට්ටාලයක් බවට පත් කරවූ නිදහස් අධ්‍යාපන අයිතිය සුවහසක් මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට අට්ටාලයකට නොව පෝරකයකට නැග සිටිය ද දොස් පවරන්නේ කිම?.භික්‍ෂුව අට්ටාලයට නැංගේ ත් එනිසා මැර පිරිස්වල බැටන් පොළු පහර කන්නේ ත් තරුණ මදය නිසා ද?එසේ අදහස් දරන්නෝ වෙත්නම් මෙසේ අසත්වා ! තරුණ මදයට විස`දුම් සොයන්නවුන් සේ අප හැසුරුනේ නම් ක‍්‍රියාමාර්ග තෝරා ගත්තේනම් අප සිරබත් කන්නේ අරගල නිසා නොව සැබෑ ලෙස විනය ද පිරිහෙන මනුශ්‍යත්වය ද පිරිහෙන පංචශීල ප‍්‍රතිපත්තියවත් ආරක්‍ෂා නොකළ මුග්ධයන් ලෙස ය. නැත, මෙය තරුණ මදය නිසා හෝ වෙනයම් කරුණක් නිසා ඇතිවූ තත්වයක් නොව මෙකල පවතින සමාජ අගතියේ ම ප‍්‍රතිපලයක් ය. අප විරුද්ධ වූයේ අපේ නිදහස, අපේ සතුට, අපේ තරුණ ජීවිත, හා අයිතීන් අමු අමුවේ දුෂණය කරන නිසා ය. අපේ සැබෑ හැ`ගීම වූයේ ඉහතින් ද දැක්වූ ශාස්ත‍්‍රීය විෂ්‍යයන් කප්පාදුව තුළ සිදුවන ඛේදවාචකය නවතාලීම ය. කැලණි විශ්වවිද්‍යාලය එදා විද්‍යාලංකාර මණ්ඩපය ය. ඊටත් පෙර විද්‍යාලංකාර පිරිවෙන විය. ඔබ මෙය අසා තිබේ ද? ”ජයග‍්‍රහණයට පියවරු බොහෝ ය - පරාජය අවජාතක ය.” එබැවින් කැලණි විශ්වවිද්‍යාලයට ද එය කොඩනැගුනු පදනම වූ නිදහස් අධ්‍යාපනය නම් අත්තිවාරමට ද පියවරු බොහෝ ය. එහෙත් 1943 සිට යක්කඩුවේ ප‍්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති, වල්පොල රාහුල ආදී වූ විද්‍යාලංකාරයේ වැලලී යන ඉතිහාසයේ සැබෑ මානවවාදී සංඝ නේතෘන් ගොඩනැගූ මේ විසල් වනස්පතියේ සෙවන ලබන්නට ඔබට අපට සම සේ හැකිවූ එ් සත්‍ය අතීතය පිළිම රුවකට පමණක් සීමා වී හමාර ය. උක්ත ශ්‍රේෂ්ඨයන්ගේ දැක්ම කවරක් ද යන්න ප‍්‍රත්‍යක්‍ෂ කරගන්නට ඔවුන් ම රචිත ”අපේ ගමන් මග” කියවන්න. එවිට මේ ජයග‍්‍රහණයන්ගේ සැබෑ පියවරු අවජාතකයිනුත් ඉතා හො`දින් හෙලිවනු ඇත.අප විද්‍යාලංකාර පරම්පරාවේ ය. අපේ බලාපොරොත්තුව ද ඔවුන් ගත් මග යන්නට ය. විද්‍යාලංකාර පරපුරේ පියවරු පැතූ ලොව ද ඔවුන්ගේ පුතුන් පතන ලොව ද මෙය ය.”උසස් අධ්‍යාපනය තුළ සිදුවන ශිෂ්‍ය කප්පාදුව නවතනු !භික්‍ෂු බ`දවාගැනීම් ඉහළ දමනු !
මෙම සටන් පාඨය දුටු හැටියේ ම උගත් යැයි සිතන නූගත් යයි නොසිතන අවිචාරවත් ඇතමෙක් කීවේ, ”හාමුදුරුවරු බ`දවගන්න කියල උද්ඝෝෂණය කරන එක වැරදි ය. ඔවුන්ට විශේෂ වරප‍්‍රසාදයක් දීමට නොහැකි ය. එය නීති විරෝධී ය.” යන්න ය.අප පිඬුසි`ගා වඩින බව සැබෑ ය. එහෙත් අධ්‍යාපනය සි`ගා ආවේ නැත. විද්‍යාලංකාර පරම්පරාව රැුස් කළ සියල්ල දැනුමේ පිපාසයේ ක්ලාන්ත වූ ලක් ¥ පුතුන්ගේ පාත‍්‍රයට අධම අතිපති ධනපති පන්තිය පොළු මුගුරු අමෝරාගෙන පහර දෙද්දීත් සියතින් සතුටින් පිළිගැන්වූහ. එම නිසා හිස මුඩු කොට සිවුරු පෙරවූ නිසා අපට මෙහි උරුමයක් ඇත යන අදහසට වඩා එපිටින් ගිය උදාර අදහසක් අප තුළ ඇත. එනම් අදටත් හෙටට ත් සත්‍යයක් වූ ලක්වැසි අපගේ දැනුමේ සත්‍යය වූ හෙල, පාලි, සකු භාෂාවන් ද ථේරවාද බෞද්ධ දර්ශනය ද ගුණාත්මකව සංවර්ධනය විය යුතු ය. එ් ස`දහා සුදුසුකම් සපුරන්නේ අන්‍යාගමික පූජකයන් වී නම් ඔවුගෙන් මානව ශාස්ත‍්‍ර පීඨය පිරවිය යුතු ය. අපට අවශ්‍ය වන්නේ විද්‍යාලංකාර පරම්පරාවේ හරය රැුකීමට මිස බෞද්ධ සංදර්ශන මධ්‍යස්ථානයක් බවට මෙම උතුම් භූමිය පත් කිිරීමට නොවේ ය. එසේ නොවන්නේ නම් මෙය තව දුරටත් විශ්වවිද්‍යාලයක් නොව විද්‍යාලයක් පමණක් වනු ස්තිර ය. විශ්ව යන්න එක් වන්නේ ආකස්මිකව නොව පර්යේෂණ අධ්‍යයනයන්ගෙන් සපිරි බිමක් වූ විට ය. අපට ඇති ශක්තිය බුද්ධ ධර්මය බව පිළිගන්නට අකමැති නොවන්න. එය ආගමික අදහසකින් ද නොදකින්න. ඤාණ ගවේෂණ ඉතිහාසයේ සුවිශිෂ්ට ප‍්‍රතිපලයක් වූ මෙම දැනුම අප ලොවට බෙදිය යුතු ය. එමෙන් ම අප අනෙකුත් ක්‍ෂේත‍්‍රයන් තුළ ලොව හමුවේ පරාජිත ය. එයට උදාහරණයක් මෙසේ දැක්විය හැකි ය. මනෝ විද්‍යාව යන විෂය ගත් විට ලොව හමුවේ අප පරාජිත ය. එහෙත් එයට ”බෞද්ධ” යන්න විශේෂණ කොට ”බෞද්ධ මනෝ විද්‍යාව” යනුවෙන් ගැලපූ විට අප ලොව හමුවේ ඉදිරියෙන් ය. එබැවින් අප ලොව සොයාගත් දැනුම ල`ගා කරගැනීම ස`දහා එම ක්‍ෂේත‍්‍රයන් ද අවශ්‍යයෙන් ම පුළුල් කළ යුතු ය. එමෙන් ම අප සතු ඤාණය ද විශ්වයේ යහපත වෙනුවෙන් සංවර්ධනය කොට යෙදවිය යුතු ය. මෙවන් අදහසින් අපගේ විද්‍යාලංකාර මග යන්නට නොහැකි වූ විට, මග ඇහිරූ විට, අප එ් මග පිිරිසිදු කරනවා මිස කොටක් බේරාගන්නට හෝ අවිනයවාදී චීවරධාරීන් වන්නට උත්සාහ දරනවා නොවන්නේම ය.නිදහස් අධ්‍යාපනයට ජය !
වෙලගෙදර සුමනජෝති හිමි. කැලණිය විශ්වවිද්‍යාලය
NOK වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Thursday, June 11, 2015

භි‍‍‍‍‍‍‍‍ක්ෂු අරගලය පිළිබඳ

Bertram Gregory Liyanage
June 6 at 10:03pm •
බෞද්ධ අධ්‍යාපන අයිතිය උදෙසා සටන් වදින බෞද්ධ භික්ෂුව
-------------------------------------------------------------------------------
මෙය නොලියා සිටීමට නොහැකි තැන ලියන සටහනකි. පෙරටුගාමීන්ටකඩේ යාමක් නොවන බවත් මං උන් එක්ක කිසිම සම්බන්ධයක් නැති බවත් මුලින්ම දැඩි සේ අවධාරණය කරම්. ප්‍රශ්නය මොකද්ද කියා අමුතුවෙන් කිව යුතු නොවේ. කැලණිය සරසවියේ තරුණ භික්ෂූන් වහන්සේ පිරිසක් මාස කීපයක් තිස්සේ කිසිදු පිළිතුරක් නොලබා තවමත් උද්ඝෝෂණයක නිරත වන බව ඔබ දන්නවා. මොකද්ද මේකට හේතුව
.පෙ කරපු ඕනෑම අයෙක් දන්නවා, ඇතැම් විෂයන් සම්බන්ධයෙන් Z ලකුණු වැඩියෙන් ලැබෙන බව. එහෙම කරන්නේ ඒ විෂය සාපේක්ෂ වශයෙන් අමාරුයි කියන වැටහීම නිසාත් වාර්ෂිකව එම විෂය සමත් වෙන ශිෂ්‍ය පිරිස අඩු නිසාත් තමා. ගණාකාධිකරණය, රසායනවිද්‍යාව වගේ විෂයනුත් එම ගණයට අයත්. කලා විෂය ධාරාව ඔස්සේ මේ ගණයට අයත් ලෙස විෂයන් ගණනාවක් නම් කර තිබෙනවා. හැමෝම දන්න කාරණයක් තමා ඉංග්‍රීසිවිෂයට එවැනි විශේෂත්වයක් හිමි වන බව. මේවාට අමතරව, සංස්කෘත, පාලි, බුද්ධධර්මය (බෞද්ධ ශිෂ්ටාචාරය නොවේ) යන විෂයනුත් මෙම ගණයට අයත් වෙනවා. කුමක් නිසාද යත් මෙම විෂයන් හදාරණ පිිරිසේ බරපතල අඩුවක් ඇති නිසාත් වාර්ෂිකව මෙම විෂයන් සමත් වන පිරිසේ විශාල අඩුවක් තියෙන නිසාත්. මං උපෙ කළේ 2001 වසරේ. එම වසරේ පාලි විෂයට A සාමාර්ථ්‍යක් හිමි වුණේ ලංකාවේ දෙදෙනෙකුට විතරයි. එදා තමා මාත් මේ ගැන හරියටම දැනුම්වත් වුණේ.
ඉතින් මෙම ප්‍රශ්නය නිසා සෑම විශ්වවිද්‍යාලයකම පාලි හා බෞද්ධ අධ්‍යානංශයත් සංස්කෘත අධ්‍යයනාංශයත් වැසී යාමේ තර්ජනයකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම කිව යුතුයි සංස්කෘත විෂයට වෙනම අධ්‍යයනාංශයක් ඇත්තේ කැලණිය සහ යාපනය යන විශ්වවිද්‍යාලයය දෙක තුළ පමණයි. ඉතින් මේ තත්වය වෙනස් කරන්න බලධාරීන් එදා ගත්තු තීරණය තමා අවම සුදුසුකම් ඇති ශිෂ්‍යයන්ව හෝ මෙම අධ්‍යයනාංශවලට බඳවා ගෙන මෙම අධ්‍යායනාංශ පවත්වා ගෙන යා යුතුයි කියන කාරණය. ඒ අනුව තමා බෝට්ටුවහදුන්වා දෙන්නේ.
Z ලකුණු ප්‍රමාණය මදි නිසා විශ්වවිද්‍යාලය ප්‍රවේශය අහිමි වුවත් පාලි, සංස්කෘත, බුද්ධධර්මය යන විෂයන්ට A සාමාර්ථ්‍යයන් හිමි කර ගන්නා ශිෂ්‍යයන්ට එම විෂයන් හැදෑරිය යුතුයියන කොන්දේසිය මත විශ්වවිද්‍යාලය ප්‍රවේශය හිමි කර දීම වසර 20-30ක් තිස්සේ අඛණ්ඩව සිදු වන ක්‍රියාවකි. කොටින්ම ඔවුන්ට බෝට්ටුවෙන් සරසවියට යා හැක.
මෙහිදී අද ඉපදුණ ළදරුවන්ටඅතිරේක කාරණයක් ද කියා දිය යුතුවේ. හැන්දෙන් ගෑරොප්පුවෙන් කන්න දන්නේ නැති එවුන් විශ්වවිද්‍යාලයට එන්න එපා කියා කොළඹත් පේරාදෙණියත් වත්හිමි පැළැන්තියට සීමා වුණු යුගයක අපේ කොල්ලටයි කෙල්ලටයි විශ්වවිශ්වවිද්‍යාලයයේ වරම් හිමි කර දුන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණය. මෙම පිරිවෙන් දෙක පසුව පිළිවෙලින් කැලණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට වෙනස් කොට රජයට පවරා ගත්තේ භික්ෂු අධ්‍යාපනයට අතහිත දෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුවය.
වර්තමානයේ මතු වුණ ප්‍රශ්නය මොකද්ද? හිටි හැටියේම කැලණිය විශ්වවිද්‍යාලයයේ බලධාරීන් තීරණය කළා මේ වසරේ දී කිසිම ශිෂ්‍යෙයකු බෝට්ටුවෙන්බඳවා නොගන්නා බවට. ඇයි මෙහෙම තීරණයක් ගත්තේ, මොකද්ද ඒකට පදනම කියා අප දන්නේ නැත. කෙසේවෙතත් මෙයින් වැඩියෙන්ම පහර වැදුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේටය. දහස් ගණනින් උපෙ කරන භික්ෂු පිරිසක් ලංකාවේ නැත. කරන කීප දෙනා වුවත් අපේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවෝ මිසක කොළඹ 7 උපන් අය නොවෙති. ඔවුන් මේ නැති කළේ භික්ෂූන් වහන්සේ කෙනෙකුට පාලි, සංස්කෘත හෝ බෞද්ධදර්ශනය පිළිබඳ උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මිසක ඕනෑම උපාධියක් කිරීමට දඟ දාන චීවරධාරීන්ගේ අවස්ථාව නොවේය.
ඉතින් ඇයි පොඩි හාමුදුරුවරු කලහකාරී ලෙස අශෝභන ලෙස ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ක්‍රියා කළේ? ඔවු, ඔබට පේන්නේ එපමණය. නමුත් ඇත්ත මෙයය. ඔවුන් මේ තත්වය ගැන ලිඛිතව පාලන බලාධිකාරිය දැනුම්වත් කළ අතර ඔවුන් ඒ සියලු ඉල්ලීම් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත. අනතුරුව මේ තරුණ භික්ෂු පිරිස හැරුණේ තමන්ට පිහිටට සිටින තමන්ගේ නායක හාමුදුරුවරු දෙසටය. (කැලණිය, ජයවර්ධනපුර හා සබරගමුව යන විශ්වවිද්‍යාලය තුනේම කුලපතිවරු හාමුදුරුවරුය.) නමුත් මේ තරුණ භික්ෂූන්ගේ හඬට ඉල්ලීමට කිසිම නායක කෙනෙක් ඇහුන්කම් දුන්නේ නැත. සුපුරුදු පරිදි මේ රටේ නායක හාමුදුරුවරු දන්නේ බත්ගොට්ටන්, බත්බැලයන් සේ දේශපාලකයන්ගේ අදෝමුඛය පිරිසිදු කරන්නට මිසක ශාසනය වෙනුවෙන්වත් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්වත් කවරදාකවත් කිසිම ප්‍රගතිශීලි පියවරක් අනුගමනය කර ඔවුන්ට පුරුද්දක් නැත. මේ නිසා ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන අප එතරම් පුදුම විය යතු නැත. හිතවතුනි, බල්ලෙක් බිරුවාට පුදුම විය යුතු නැත. ඉදින් ඌ කතා කළා නම්, ගී කිව්වා නම් පුදුම විය යුතුය. එ් වගේම අපේ රටේ වැඩ සිටින මේ නායක හාමුදුරුවරුන්ගෙන් එක්කෙනෙකු හෝ ශාසනය වෙනුවෙන් යමක් කළා නම් අන්න එදාට අපි ඒ ගැන පුදුම වෙමු. බුකියේ ලියා ප්‍රීති ඝෝෂා නගමු. දැනට ඔවුන්ගේ සුපුරුදු චර්යාවන් ගැන නොලියා සිටිමු.
ඉතින් මේ තරුණ භික්ෂූන් වහන්සේලා වර්ජන ක්‍රියාවකට එළඹියේ මේ සියලු උත්සාහයන් අසාර්ථක වූ විටය. මෙහිදී ඉතා කණගාටුවෙන් නමුත් කිව යුතු තවත් එක ඇත්තක් ඇත. මේ භික්ෂු අරගලය හමුවේ රජයේ නිලධාරීන්ගේ, බලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය දුටු විට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් නම්, මෛත්‍රීපාල යනු තවත් එක පිම්පියෙකුබවය. ඔහු තරුණ භික්ෂු පිරිස මර්දනය කළා මිස අද වන තුරු පිළිතුරක් දීමට උත්සාහ ගෙන නැත.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන අද භික්ෂුවට එරෙහිව කතා කරන පාදඩයන්ගේදැන ගැනීම පිණිස ආන්තික සටහනක් ද තැබිය යුතුය. එදා කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහයක් දරපු වෙලාවේ, වරප්‍රසාද ලත් දේශපාලක පැළැන්තිය එය වැළක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත්තේය. එවිට කන්නංගර මහතාට උදවු උපකාර කළේ මේ රටේ භික්ෂූන්වහන්සේය. එම පනත සම්මත වූ මොහොතේ යාපනයේ කයිට්ස් බලප්‍රදේශය නියෝජනය කළ නල්ලයියා කියන ද්‍රවිඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වීම ලංකාවේ භික්ෂූන්වහන්සේ ලත් ජයග්‍රහණයකිකියාය. ඒවා ඒ ආකාරයෙන් හැන්සාඩ් ගත වී ඇත. අද එම භික්ෂූන්වහන්සේම තමන්ගේ මූලස්ථාන පිරිවෙනක් පවරාගෙන විශ්වවිද්‍යාලයයක් බවට පත් කළ කැලණිය විශ්වවිද්‍යායලයයේ පාලි, සංස්කෘත, බෞද්ධදර්ශනය යන විෂයන් ඉගෙන ගන්න භික්ෂූන්වහන්සේට වැඩි අවස්ථාවක් දෙන්න, ඒ සඳහා අවම සුදුසුකම් තියෙන අයව ගන්න කියා අරගල කරද්දී ඒ ගැන වචනයකින්වත් උදව් නොකර කෙණෙහිලිකම් කරන තොපි හෙට පාරේ හෙළුවන් යවු, එය වඩා නම්බුකාරය.

මං මගේ පෝස්ට්ටු බෙදා හරින්න කියා ඉල්ලීම් කරන්නේ නැත. නමුත් අද මං ඉල්ලනවා, මෙය බෙදා හරින්න. අපි මේ තරුණ භික්ෂූන්වහන්සේ ගේ අරගලයට යම් පමණකට හෝ සහය වෙමු. ඔවුන්ගේ සටන දිනවමු.

Wednesday, June 10, 2015

භි‍‍‍‍‍‍‍‍ක්ෂු අරගලය පිළිබඳ පාඨක අදහසක්

උපුටා ගැනීම Bertram Gregory Liyanage මහතාගේ facebook පිටුවෙනි.
ස්තුතිය  Bertram Gregory Liyanage මහතාට

Tuesday, June 2, 2015

ප්‍රඥාසාර එළිමහන් භික්ෂු නේවාසිකාගාරය

උසස් අධ්‍යාපනය තුළ කෙරෙන ශිෂ්‍ය කප්පාදුව නවතන ලෙසත් භික්ෂු බඳවාගැනීම් ඉහළ දමන ලෙසත් දින 75කට අධික කාලයක් තිස්සේ අරගලයක නිරතව සිටින කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට නේවාසිකව සිටිති.
විශ්වවිද්‍යාල පරිපාලනය මේ වන තුරුත් මෙම ගැටළුවට සාර්ථක පිළිතුරක් ලබා දීමට අපොහොසත්ව ඇති අතර විසඳුම් වෙනුවට ශිෂ්‍ය මර්දනය තොරාගෙන ඇත.
මෙම අරගලයේ දී ක්‍රියාකාරීය සිටි සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 5 නමක් අභූත චෝදනා නගා සිරගත කොට ඇත.
තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කොට ඇත.

විසඳුම් දිනාගන්නා තුරු අරගලය ඉදිරියට

Thursday, April 23, 2015

දිවි දෙවැනි කොට