Thursday, June 11, 2015

භි‍‍‍‍‍‍‍‍ක්ෂු අරගලය පිළිබඳ

Bertram Gregory Liyanage
June 6 at 10:03pm •
බෞද්ධ අධ්‍යාපන අයිතිය උදෙසා සටන් වදින බෞද්ධ භික්ෂුව
-------------------------------------------------------------------------------
මෙය නොලියා සිටීමට නොහැකි තැන ලියන සටහනකි. පෙරටුගාමීන්ටකඩේ යාමක් නොවන බවත් මං උන් එක්ක කිසිම සම්බන්ධයක් නැති බවත් මුලින්ම දැඩි සේ අවධාරණය කරම්. ප්‍රශ්නය මොකද්ද කියා අමුතුවෙන් කිව යුතු නොවේ. කැලණිය සරසවියේ තරුණ භික්ෂූන් වහන්සේ පිරිසක් මාස කීපයක් තිස්සේ කිසිදු පිළිතුරක් නොලබා තවමත් උද්ඝෝෂණයක නිරත වන බව ඔබ දන්නවා. මොකද්ද මේකට හේතුව
.පෙ කරපු ඕනෑම අයෙක් දන්නවා, ඇතැම් විෂයන් සම්බන්ධයෙන් Z ලකුණු වැඩියෙන් ලැබෙන බව. එහෙම කරන්නේ ඒ විෂය සාපේක්ෂ වශයෙන් අමාරුයි කියන වැටහීම නිසාත් වාර්ෂිකව එම විෂය සමත් වෙන ශිෂ්‍ය පිරිස අඩු නිසාත් තමා. ගණාකාධිකරණය, රසායනවිද්‍යාව වගේ විෂයනුත් එම ගණයට අයත්. කලා විෂය ධාරාව ඔස්සේ මේ ගණයට අයත් ලෙස විෂයන් ගණනාවක් නම් කර තිබෙනවා. හැමෝම දන්න කාරණයක් තමා ඉංග්‍රීසිවිෂයට එවැනි විශේෂත්වයක් හිමි වන බව. මේවාට අමතරව, සංස්කෘත, පාලි, බුද්ධධර්මය (බෞද්ධ ශිෂ්ටාචාරය නොවේ) යන විෂයනුත් මෙම ගණයට අයත් වෙනවා. කුමක් නිසාද යත් මෙම විෂයන් හදාරණ පිිරිසේ බරපතල අඩුවක් ඇති නිසාත් වාර්ෂිකව මෙම විෂයන් සමත් වන පිරිසේ විශාල අඩුවක් තියෙන නිසාත්. මං උපෙ කළේ 2001 වසරේ. එම වසරේ පාලි විෂයට A සාමාර්ථ්‍යක් හිමි වුණේ ලංකාවේ දෙදෙනෙකුට විතරයි. එදා තමා මාත් මේ ගැන හරියටම දැනුම්වත් වුණේ.
ඉතින් මෙම ප්‍රශ්නය නිසා සෑම විශ්වවිද්‍යාලයකම පාලි හා බෞද්ධ අධ්‍යානංශයත් සංස්කෘත අධ්‍යයනාංශයත් වැසී යාමේ තර්ජනයකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම කිව යුතුයි සංස්කෘත විෂයට වෙනම අධ්‍යයනාංශයක් ඇත්තේ කැලණිය සහ යාපනය යන විශ්වවිද්‍යාලයය දෙක තුළ පමණයි. ඉතින් මේ තත්වය වෙනස් කරන්න බලධාරීන් එදා ගත්තු තීරණය තමා අවම සුදුසුකම් ඇති ශිෂ්‍යයන්ව හෝ මෙම අධ්‍යයනාංශවලට බඳවා ගෙන මෙම අධ්‍යායනාංශ පවත්වා ගෙන යා යුතුයි කියන කාරණය. ඒ අනුව තමා බෝට්ටුවහදුන්වා දෙන්නේ.
Z ලකුණු ප්‍රමාණය මදි නිසා විශ්වවිද්‍යාලය ප්‍රවේශය අහිමි වුවත් පාලි, සංස්කෘත, බුද්ධධර්මය යන විෂයන්ට A සාමාර්ථ්‍යයන් හිමි කර ගන්නා ශිෂ්‍යයන්ට එම විෂයන් හැදෑරිය යුතුයියන කොන්දේසිය මත විශ්වවිද්‍යාලය ප්‍රවේශය හිමි කර දීම වසර 20-30ක් තිස්සේ අඛණ්ඩව සිදු වන ක්‍රියාවකි. කොටින්ම ඔවුන්ට බෝට්ටුවෙන් සරසවියට යා හැක.
මෙහිදී අද ඉපදුණ ළදරුවන්ටඅතිරේක කාරණයක් ද කියා දිය යුතුවේ. හැන්දෙන් ගෑරොප්පුවෙන් කන්න දන්නේ නැති එවුන් විශ්වවිද්‍යාලයට එන්න එපා කියා කොළඹත් පේරාදෙණියත් වත්හිමි පැළැන්තියට සීමා වුණු යුගයක අපේ කොල්ලටයි කෙල්ලටයි විශ්වවිශ්වවිද්‍යාලයයේ වරම් හිමි කර දුන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණය. මෙම පිරිවෙන් දෙක පසුව පිළිවෙලින් කැලණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට වෙනස් කොට රජයට පවරා ගත්තේ භික්ෂු අධ්‍යාපනයට අතහිත දෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුවය.
වර්තමානයේ මතු වුණ ප්‍රශ්නය මොකද්ද? හිටි හැටියේම කැලණිය විශ්වවිද්‍යාලයයේ බලධාරීන් තීරණය කළා මේ වසරේ දී කිසිම ශිෂ්‍යෙයකු බෝට්ටුවෙන්බඳවා නොගන්නා බවට. ඇයි මෙහෙම තීරණයක් ගත්තේ, මොකද්ද ඒකට පදනම කියා අප දන්නේ නැත. කෙසේවෙතත් මෙයින් වැඩියෙන්ම පහර වැදුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේටය. දහස් ගණනින් උපෙ කරන භික්ෂු පිරිසක් ලංකාවේ නැත. කරන කීප දෙනා වුවත් අපේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවෝ මිසක කොළඹ 7 උපන් අය නොවෙති. ඔවුන් මේ නැති කළේ භික්ෂූන් වහන්සේ කෙනෙකුට පාලි, සංස්කෘත හෝ බෞද්ධදර්ශනය පිළිබඳ උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මිසක ඕනෑම උපාධියක් කිරීමට දඟ දාන චීවරධාරීන්ගේ අවස්ථාව නොවේය.
ඉතින් ඇයි පොඩි හාමුදුරුවරු කලහකාරී ලෙස අශෝභන ලෙස ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ක්‍රියා කළේ? ඔවු, ඔබට පේන්නේ එපමණය. නමුත් ඇත්ත මෙයය. ඔවුන් මේ තත්වය ගැන ලිඛිතව පාලන බලාධිකාරිය දැනුම්වත් කළ අතර ඔවුන් ඒ සියලු ඉල්ලීම් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත. අනතුරුව මේ තරුණ භික්ෂු පිරිස හැරුණේ තමන්ට පිහිටට සිටින තමන්ගේ නායක හාමුදුරුවරු දෙසටය. (කැලණිය, ජයවර්ධනපුර හා සබරගමුව යන විශ්වවිද්‍යාලය තුනේම කුලපතිවරු හාමුදුරුවරුය.) නමුත් මේ තරුණ භික්ෂූන්ගේ හඬට ඉල්ලීමට කිසිම නායක කෙනෙක් ඇහුන්කම් දුන්නේ නැත. සුපුරුදු පරිදි මේ රටේ නායක හාමුදුරුවරු දන්නේ බත්ගොට්ටන්, බත්බැලයන් සේ දේශපාලකයන්ගේ අදෝමුඛය පිරිසිදු කරන්නට මිසක ශාසනය වෙනුවෙන්වත් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්වත් කවරදාකවත් කිසිම ප්‍රගතිශීලි පියවරක් අනුගමනය කර ඔවුන්ට පුරුද්දක් නැත. මේ නිසා ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන අප එතරම් පුදුම විය යතු නැත. හිතවතුනි, බල්ලෙක් බිරුවාට පුදුම විය යුතු නැත. ඉදින් ඌ කතා කළා නම්, ගී කිව්වා නම් පුදුම විය යුතුය. එ් වගේම අපේ රටේ වැඩ සිටින මේ නායක හාමුදුරුවරුන්ගෙන් එක්කෙනෙකු හෝ ශාසනය වෙනුවෙන් යමක් කළා නම් අන්න එදාට අපි ඒ ගැන පුදුම වෙමු. බුකියේ ලියා ප්‍රීති ඝෝෂා නගමු. දැනට ඔවුන්ගේ සුපුරුදු චර්යාවන් ගැන නොලියා සිටිමු.
ඉතින් මේ තරුණ භික්ෂූන් වහන්සේලා වර්ජන ක්‍රියාවකට එළඹියේ මේ සියලු උත්සාහයන් අසාර්ථක වූ විටය. මෙහිදී ඉතා කණගාටුවෙන් නමුත් කිව යුතු තවත් එක ඇත්තක් ඇත. මේ භික්ෂු අරගලය හමුවේ රජයේ නිලධාරීන්ගේ, බලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය දුටු විට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් නම්, මෛත්‍රීපාල යනු තවත් එක පිම්පියෙකුබවය. ඔහු තරුණ භික්ෂු පිරිස මර්දනය කළා මිස අද වන තුරු පිළිතුරක් දීමට උත්සාහ ගෙන නැත.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන අද භික්ෂුවට එරෙහිව කතා කරන පාදඩයන්ගේදැන ගැනීම පිණිස ආන්තික සටහනක් ද තැබිය යුතුය. එදා කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහයක් දරපු වෙලාවේ, වරප්‍රසාද ලත් දේශපාලක පැළැන්තිය එය වැළක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත්තේය. එවිට කන්නංගර මහතාට උදවු උපකාර කළේ මේ රටේ භික්ෂූන්වහන්සේය. එම පනත සම්මත වූ මොහොතේ යාපනයේ කයිට්ස් බලප්‍රදේශය නියෝජනය කළ නල්ලයියා කියන ද්‍රවිඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වීම ලංකාවේ භික්ෂූන්වහන්සේ ලත් ජයග්‍රහණයකිකියාය. ඒවා ඒ ආකාරයෙන් හැන්සාඩ් ගත වී ඇත. අද එම භික්ෂූන්වහන්සේම තමන්ගේ මූලස්ථාන පිරිවෙනක් පවරාගෙන විශ්වවිද්‍යාලයයක් බවට පත් කළ කැලණිය විශ්වවිද්‍යායලයයේ පාලි, සංස්කෘත, බෞද්ධදර්ශනය යන විෂයන් ඉගෙන ගන්න භික්ෂූන්වහන්සේට වැඩි අවස්ථාවක් දෙන්න, ඒ සඳහා අවම සුදුසුකම් තියෙන අයව ගන්න කියා අරගල කරද්දී ඒ ගැන වචනයකින්වත් උදව් නොකර කෙණෙහිලිකම් කරන තොපි හෙට පාරේ හෙළුවන් යවු, එය වඩා නම්බුකාරය.

මං මගේ පෝස්ට්ටු බෙදා හරින්න කියා ඉල්ලීම් කරන්නේ නැත. නමුත් අද මං ඉල්ලනවා, මෙය බෙදා හරින්න. අපි මේ තරුණ භික්ෂූන්වහන්සේ ගේ අරගලයට යම් පමණකට හෝ සහය වෙමු. ඔවුන්ගේ සටන දිනවමු.

No comments:

Post a Comment